Java Gasto: Java හි මූලික හැදින්වීම 1.....( Lesson 01 )

Tuesday, October 2, 2012

Java හි මූලික හැදින්වීම 1.....( Lesson 01 )


JavaGasto තුලින් හා හා පුරා කියල පලවෙනි ලිපිය අරගෙන අවා.අපි පොඩ්ඩක් මතක් කරගෙන  ඉමුකො.අපි මේ ඉගෙන ගන්න හදන්නේ පරිගණක භාෂාවක් විදියට ලොව අංක එකේ භාෂාවයි.මම එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට දෙවන තුන්වන ලිපි වලින් තේරුම් යාවී.හරි අපි මේක මෙහෙම පටන් ගමුකො.

Java .......Java කියන්නේ ලෝකයේ අංක එකේ පරිගණක ක්‍රමලේකන භාෂාව .ඉතින් අපි මුලින්ම බලමු Java program එකක් කොහොමද පරිගණකය තුල වැඩ කරන්නේ කියල.ජාවා කියන්නේ ඇත්තටම ගොඩක් පුළුල් මාතෘකාවක්.ඉතින් මෙහිදී මම ඔයාලට කියන්නේ යන්නේ Java කියන ක්‍රමලේකන  භාෂාව පරිගණකය තුල හැසිරෙන්නේ , ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.අපි රූප සටහන් ආධාරයෙනුත් මේක පැහැදිලි කරගන්න බලමු.

හරි අපි Java ක්‍රමලේකන භාෂාව යොදාගෙන වැඩසටහනක් ලිව්වොත් සාමානයෙන්  අපි ඒ වැඩසටහන සවේ කරන්නේ (.java) ලෙසටයි.අපි හදාගන්න වැඩසටහන කුමක් වුවත් අපි save කරගන්නේ (.java) ලෙසටයි .ඒ ගැන මේ විදියට හිතන්නකෝ යාලුවනේ අපි Word Document එකක් save කරගන්නේ( .text)  File එකක් විදියට ..ඇයි අපි පින්තූරයක් save කරගන්නේ (.jpg  හෝ .jpeg) වගේ ෆයිල් ෆෝමැට් එකක් විදියට අන්න එකම තම මෙතන වෙන්නේ අපි ජාවා වලින් ලිව්වා වැඩසටහනක් save කරගන්නේ (.java) ලෙසට.තේරුම් යන්න ඇති කියලා හිතනවා.(.java) කියන්නේ ජාවා භාෂාවේ file extension  එක.හරි අපි එහෙම save කරගන්නා ෆයිල් එක එනම් (.java) ලෙස save කරගත් වැඩසටහන අපි ඊලගට  compile කරගත යුතු වෙනවා.හරි මේ compile කිරීම යන වැඩේ ජාවා වලටම විශේෂිත වූ දෙයක් ඔයාල සමහර විට දන්නවා ඇති Visual Basic වගේ programming tool එකක් ගත්තොත් එහි මේ ආකාරයට compile කිරීමක් නෑ.නමුත් Java භාෂාව තුලදී අපි පළමුව වැඩසටහනක් ලිව්වට පස්සේ දෙවනුව කරන්නේ compile කිරීම.අපි දැන් බලමු compile කරනවා කියලා අපි කරන්නේ මොකක්ද?... ඇයි එහෙම කරන්නේ කියලා.


ඇත්තටම මෙහිදී compile කිරීම කියලා අපි කරන්නේ ජාවා භාෂාව යොදාගෙන අපි ලියගනු ලැබූ (.java) file  එක තවත් file  එකකට හරවීමයි. එහෙමත් නැත්නම් convert කිරීමයි.(.java) ලෙසට ලිය ගත්තු අපේ file එක compile කල පසු (.class) යන file එකක් ලෙසට create වේ.අපි ඒක මෙහෙම කියමුකෝ මෙහිදී ජාවා භාෂාවෙන් ලිව්ව file එක තවත් Intermediate  භාෂා file එකක් ලෙසට create වෙනවා.මෙන්න මේ සිදුවන ක්‍රියාවලිය තමයි  අපි compile කරනවා කියන්නේ පහත රූප සටහන මගින් ඉහත ක්‍රියාවලිය තේරුම් යාවී කියලා හිතනවා ඔයාලට.


8 comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ගොඩ වුනාට !!

      Delete
  2. මාත් දන්නවා කියලා හිතන් ඉන්න මාතෘකාවක් නෙව.. බොරු එහෙම ලියන්නේ නෑ! හරි ය! :P
    සැහෙන්න හොඳ වැඩක් මිත්‍රයා.. දිගට ම කරගෙන යන්න. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ගොඩ වුනාට !!

      Delete
  3. නියමයි.මං ආස විෂයක්.ඉගෙන ගන්න බැරුවයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ගොඩ වුනාට !! දිගටම ඉන්න ඉක්මනින්ම පාඩම් ටික දාන්නම් .... ජය වේවා

      Delete
  4. Niyama wadak start karala thiyenne......i wish u saho......ela ela.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ගොඩ වුනාට !!

      Delete

ඔයාලගේ අදහස් දක්වලා යනවනම් අපිට ලොකු හයියක් ඒක.....නොදැක්වුවා කියලා තරහකුත් නෑ...මොනවා හරි දේකදී මේ පාඩම් වැදගත් වුනා නම් අන්න ඒකයි අපේ මේ වෑයම ඒකයි අපේ සතුට....හැමෝටම ජය ..!!